• Featured
    • Beach & Coastal Travel
    • Ancient
    • Leisure
    • Waterfall
    • Adventure Travel
    • Cultural Travel
    • Luxury Travel
    • Home
    • Events
    • Explore
      • Archeological
      • Leisure
      • Waterfalls
      • Beaches
      • Outdoor Activities
      • Restaurants
      • Wild Life
      • World Heritage Convention
    • Tours
    • Accommodations
    • Articles
    • News
    Add a listing
    Sign in or Register
    Add a listing
    Listing cover image

    වෙඩික්කිනාරිමලේ බෞද්ධ පුදබිමට ශිව ලිංගයක් ආවේ කොහෙන්ද..

    • Share
    • Profile
    • prev
    • next
    • Leave a review
    • Share
    • prev
    • next
    Story

    වෙඩික්කිනාරිමලේ බෞද්ධ පුදබිම ශිව කෝවිලක් හැටියට දැන් සාකච්ඡාවට භාජනය වී තිබේ. එහෙත් එතන ක්‍රි.පූර්ව තෙවැනි සියවසේ ආරම්භ වූ බෞද්ධ පූජනීය භූමියක් බව එහි නටබුන් හා ශිලා ලේඛනවලින් ස්ථීරවම පැහැදිලි කළ හැකිය. කොහේදෝ තිබූ ශිව ලිංගයක් ගෙන ගොස් එහි තබා ශිව කෝවිලක් හැටියට සැලකීම බරපතළ වරදකි. මෙහි අප කළ ගවේෂණ තොරතුරුවලින් යථා තත්ත්වය පැහැදිලි කරගත හැකිවේ. මෙතන විතරක් නොව මේ ප්‍රදේශයේ සෑම පුද බිමක්ම වාගේ බෞද්ධ වෙහෙර විහාර කෝවිල් බවට පත්කරගෙන ඇති බව පැහැදිලි කරගත යුතු වේ.

    වවුනියා දිස්ත්‍රික්කයට අයත්ව පැවැති කොටසක් වෙන්කර මෑතකදී (1978) මුලතිව් නමින් අලුත් දිස්ත්‍රික්කයක් ඇතිකරන ලදී. මේ නව කොටස දෙමළ ජනයා පදිංචිව සිටින ගම්මාන විරල වශයෙන් ඇති වැඩි කොටසක් ඝන වනයෙන් වැසුණු අති දුෂ්කර ප්‍රදේශයක් වශයෙන් සැලකේ. රජයේ සේවකයකු හැරුණු විට දැන් මෙහි සිංහල ජනයාගේ ගැවසීමක් නැත. එසේ සිදුවීමට සුදුසු පරිසරයක් හෝ පහසුවක් හෝ නැත. 1964 වර්ෂයේ මෙන්ම 1973 වර්ෂයේද මේ ප්‍රදේශයේ පුරාවස්තු ගවේෂණවල යෙදුණු අපට එදා මුහුණ පාන්නට සිදුවූ දුෂ්කරතා ගැන සලකන විට ඒ ගමන් බිමන් අද සිහි කිරීමද බිය ගෙන දෙන්නකි.

    වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල පුරාවස්තු පිළිබඳ ප්‍රමාණවත් ගවේෂණ කවදාවත් කෙරී නැත. ඉදිරියට කෙරෙනු තබා කෙරෙන්නට යමක් ඉතිරිද නොවනු ඇත. පුරාවිද්‍යා නිලධාරියකු විසින් මෑතදී සකස් කරන ලද පුරාවස්තු සහිත තැන් දක්වන සිතියමක මේ දිස්ත්‍රික්ක දෙකේ ඇති වැදගත් තැන් 105 ලකුණු කර තිබේ. එහෙත් එය නිවැරදිම යැයි කීම අපහසුය. මක්නිසාද එයට එක්විය යුතු තැන් තවත් ඇති හෙයිනි. ඒ නමුත් ලකුණු කර ඇති ස්ථාන ගැන වුවද වැඩි තොරතුරක් දනගැනීමට පුළුවන්කමක් නැත. මුලතිව් දිස්ත්‍රික්කයේ ලිපි සහිත නටබුන් ස්ථාන අතුරින් ඉහළම කොටසට වන්නට පිහිටි පුද තැනක් ගැන සටහන් කිරීමට මින් අදහස් කරන්නේ මේ නිසාය.

    වෙඩික්කිනාරිමලේ පිහිටියේ මේල් පත්තුව අයත්වන පරිද්දෙනි. වවුනියා – යාපන මාර්ගයේ ඕමන්තයි හන්දියෙන් වැටී ඇති මාර්ගය මරයිලුප්පෙයි පසුකර කුලන්කුලම් හරහා නෙඩුන්කේනියට පිවිසේ. ඉන්පසු එය ඔඩ්ඩුසූඩාන් වෙතත්, මුලතින් වෙතත් ළඟාවිය හැකි මාර්ගවලට සම්බන්ධ වේ. නෙඩුන්කේනි මාර්ගයේ අරියමඩු නමැති දෙමළ ගම්මානයෙන් සැතපුම් දෙකහමාරක් පමණ වයඹ දිගින් මේ ස්ථානය පිහිටියේය. අඩි තුන්සියයක් පමණ උස් ගල් කඳු සහිත වනයෙන් වැසී ගිය මේ ස්ථානය කටු පඳුරුවලින්ද ගහණ වූයේය. කන්ද ආසන්නයේ නටබුන් වී ගිය වැව් කිහිපයක සලකුණු දක්නට ලැබේ. පැරණි ග්‍රාම නිර්මාණ රටාවේ හැටියට මේ වැව්වලින් පෝෂණය ලද ගම්හි ජනතාවගේ පූජනීය භූමි භාගය තෙල කඳු සහිත වන ගත පෙදෙස වූයේය. වැඩිකිනාරිමලය නමින් සමහරුන් උච්චාරණය කරන මේ ස්ථානයේ පැරණි නම එය නොවේ. එහෙත් පැරණි ව්‍යවහාරය තෝරා බේරා ගැනීමට එක එල්ලේ සාධක නැත. මේ ස්ථානය ගැන සටහන් කරන සමහරු එය පර්වතවාසී නාගයන්ගේ රාජධානිය වූ වඩ්ඩමාන පර්වතය බව පවසයි. මේ ප්‍රදේශය නාගයන්ගේ ප්‍රදේශය බවට නොයෙක් සාධක දක්නට ලැබෙන බව මේ අයගේ අදහසයි.

    කෙසේ වෙතත් වෙඩික්කිනාරිමලය යන ද්‍රවිඩ වචනයේ ‘වඩ්ඩමාන’ ශබ්දධ්වනය ගැබ්ව ඇතැයි කිව හැකි බවද මෙහිලා අමතක කළ යුතු නැත. මේ කඳු ගැටයේ එක පැත්තකින් මුදුනට නැගිය හැකි මගක් තිබී ඇත. එහි ශේෂ තැන තැන සුළු වශයෙන් දක්නට ලැබේ. මෙය අම්පාර දිශාවේ වෙහෙරගල්කන්ද හෙවත් පුළුකුණාව කන්දට නැගීමට සාදා තිබූ මාර්ගය වැන්නකි. කන්දේ පර්වතය මත ස්තූප දෙකක ශේෂ අපට හමුවිය. පළමුවැන්න උස අඩි 11 කි. වට අඩි 46 කි. දෙවැන්න උස අඩි 6 කි. වට අඩි 21 කි. විශාල ස්තූප දෙක නිදන් හොරුන් විනාශ කිරීමත්, වර්ෂාවට සේදීමත් නිසා මෙසේ ගෙවී ගොස් ඇති බව පෙනේ. ස්තූපවල ගඩොළු සෑම තැනම විසිරී ඇත.

    පර්වතයේ පසෙක පාද ලාංඡන ශිලාවක් තිබේ. එහි සිරිපතුල් සටහන් බොහෝ දුරට ගෙවී ගොස් ඇත. මෙබඳු වර්ගයේ ශිලා ඵලක තව හතක්වත් තිබිය යුතු වුවත්, ඒවා නැතිවී තිබෙන බව පෙනේ. 1964 දී තිබූ මුලින් කී ශිලාව 1973 දී දකින්නට නොලැබුණි. මේ හැර තවත් ගොඩනැගිලි ගණනාවක් අත්තිවාරම් හා වෙනත් ශේෂ රැසක් මෙහි ඇත. ඒවා සමහරවිට බුදු මැදුරු, ප්‍රධානඝරය වැනි ඒවායේ නටබුන් විය යුතුය. මේ සුන්බුන් අතර තිබී බුදු පිළිමයක සිවුරු රැලි කොටසක් සේ සැලකිය හැකි ගල් කැබැල්ලක් මට හමුවිය. මේ හැරෙන විට කන්දේ ලෙන් කීපයක් ඇත. මේවාට යාම දුෂ්කර වෙයි. ලෙන් කටාරම් කොටා මහා සඟනට පුදා ඇති අතර ඒවායේ බිත්ති ශේෂ හා ලෙන් බිතේ තවරන ලද බදාමවල කොටස් තැන තැන රැකී තිබේ. මේවා දැන් වල් සතුන්ගේ වාසභවන වන නමුත් අතීතයේ මහා සංඝයා වහන්සේ සිය ගණනින් වැඩ විසූ ශුද්ධ ස්ථාන වේ. මේ ලෙන්වලින් තුනක පමණ බ්‍රාහ්මී ලිපි පිහිටුවා තිබේ. ඒවා රා:ව:පූ: දෙවැනි සියවසේ මුල් භාගයට අයත් අක්ෂරවලින් කොටා තිබීම නිසා ස්ථානයේ ආරම්භය එතරම්ම අතීතයට යයි. එම ලිපිය මෙසේ.

    1. මහ ශුමුද පුත ශුතශ ලෙනෙ ශගශ පරුමක බමදත පුත මහ ගුතහ ලෙණේ.

    මහා සමුද්‍රගේ පුත්‍ර ගුතගේ ලෙනෙ සංඝයාටය. ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුතගේ ලෙණයි.

    2. බත වුඩ් තිශහ ලෙනෙ

    ස්වාමි චුලතිශගේ ලෙනයි.

    3. පරුමක පූශමිත ප්‍රතශ මහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ

    ප්‍රමුඛ පූශමිතගේ පුත්‍රයාගේ මහලෙන පැමිණි නොපැමිණි සිවු දිග සංඝයාටය.

    මේ ලිපිවල කියැවෙන මහා ශමුදගුත, බමදිත, චූඩිතිශ ප්‍රශමිත වැනි දායකයන් රා:ව:පූ: යුගයේ මුලතිව් දිශාවේ සිටි ආර්ය සිංහල බෞද්ධයෝ වෙති. මෙහි එකද දෙමළ නාමයක ගෑවීමක් නැත. බ්‍රහ්මදත්ත (බමදත) නම ඉතා වැදගත් බෞද්ධ නමකි. රිටිගල ලිපියක එන මහාමාත්‍ය බ්‍රහ්මදත්තද අපට මෙහිදී සිහිපත් වෙයි. මුලතිව් ප්‍රදේශයේ රා:ව:පූ: යුගයේ සිටම සම්පූර්ණ සිංහල බෞද්ධ ජනයා පදිංචිව සිටියේය. ඔවුන් විවිධ බෞද්ධ ආරාම ඉදි කළහ. සෙල්ලිපි පිහිට වූහ. මෙය කිසිවකුට එසේ නොවෙතැයි කිව නොහැකිය.

    වැඩික්කිනාරිමලයට යෑමට අපට මග පෙන්වන්නකු සොයා ගැනීමට සිදුවූ අවස්ථාවේ වයසක දෙමළ මනුෂ්‍යයකු එයට ඉදිරිපත් විය. ඔහු ඒ ප්‍රදේශයේම අයකු නුවූවත් සෑම තොරතුරක්ම දන්නා අයෙකි. ඔහු කී වචනවල පරිවර්තනය මෙසේය.

    ‘‘මෙහි ඉස්සර සිංහල මිනිස්සු පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා හුඟක් මෙතන හිටිය බව පේනවා. දැන් නම් මෙහාට ස්වාමීන් වහන්සේලා එන්නෙම නෑ’’ ඔහු දන්නා හැටියට මේ ප්‍රදේශයේ තවත් බොහෝ පුරාවස්තු සහිත ස්ථාන තිබේ. ඒ එදාය. දැන් ඒ සියල්ල අපට අහිමියි.

    පුරාවිද්‍යා චක්‍රවර්තී, ආචාර්ය

    එල්ලාවල මෙධානන්ද නාහිමි

    ( සතිඅග අරුණ )

    Shortcode
    Gallery
    Categories
    • Ancient
    • Archeological
    Tags
    • උරුමය
    • ජාතික උරුමය
    • Heritage
    • National Heritage
    Author
    Author avatar
    Sri Lanka
    • 11

    You May Also Be Interested In

    Discover the Enigmatic Beauty of Yakdessagala in Sri Lanka

    Unveiling the Legends of Sri Lanka's Ancient Mountain
    • Yakdessagala Mountain
    Kurunegala
    Mountaineering, Adventure Travel, Art and History
    • Mountaineering
    • +2 Adventure Travel, Art and History
    • Quick view
    • Bookmark

    Colombo National Museum Sri Lanka

    A Journey Through Sri Lanka's History
    • 0112 695 366
    • Colombo National Museum
    Colombo
    Art and History, Ancient, Archeological
    • Art and History
    • +2 Ancient, Archeological
    • Quick view
    • Bookmark

    All About the Wonderful Museums in Sri Lanka!

    Exploring the Rich History of Sri Lanka Through Its Museums Sri Lanka, an island steeped in history and…
    • Sri Lanka
    [featured_image]

    අපිට අයිති උරුමය අඩමාන වඩ්ඩමාන පුදබිම

    පර්වතය මුදුනේ සෑයවල් දෙකක පාදම් කොටස් කටාරම් කෙටූ ලෙන් අටක් ශිලා ලිපි වඩ්ඩමාන පුරාවිද්‍යා භූමිය බෞද්ධ…
    • Sri Lanka
    [featured_image]

    © Amazing Sri Lanka. Information and images are the property of their respective owners. Site by NT

    Cart

      • Featured
      • Beach & Coastal Travel
      • Ancient
      • Leisure
      • Waterfall
      • Adventure Travel
      • Cultural Travel
      • Luxury Travel
      • Facebook
      • X
      • WhatsApp
      • Telegram
      • LinkedIn
      • Tumblr
      • Reddit
      • VKontakte
      • Mail
      • Copy link
      • Share via...
      • Facebook
      • X
      • WhatsApp
      • Telegram
      • LinkedIn
      • Tumblr
      • Reddit
      • VKontakte
      • Mail
      • Copy link
      • Share via...