Description

Delphi Island is an island belonging to Sri Lanka located in the middle of the Pok Strait, at the western end of the Jaffna Peninsula of Sri Lanka, 80 km from the Indian mainland, 42 km from Thalaimannar and Rameswaram.
Its area is about 43 square kilometers and the circumference of the island is about 27 km. This island is the nearest inhabited land from Ceylon towards India except Talaimannaram Island. (Kachchathiv is not inhabited by people throughout the year).

To reach Delphi, more than a hundred people at a time are transported to the island by two large boats, the 'Naduntaraki' and the 'Vadataraki' of the Navy. Including those two boats, there are about five boat trips from 'Kurikaduan Jetty' to Delft.
Traveling to this island will give you the opportunity to enjoy a different experience and the special places to visit can be listed below.
1. Baobab Tree.
2. Lialana Gala (Naga Gala / The rock near the temple)
3. Lighthouse (Queen's Tower).
4. Stone wall designs
5. The Dutch tower that raised pigeons.
6. Dutch Fort.
A small number of horses and ponies still remain on the island, descended from horses brought here by the Dutch who came to Delft Island. Therefore, if you visit this island, you will also have the opportunity to see wild horses and ponies, which can only be seen in Delft Island in Sri Lanka.
The entire island rests on a layer of limestone. The island has no fenced walls and is surrounded by limestone walls on each side. This island, which also has a beautiful beach, is complemented by lush palm trees that add a breathtaking view. Once a haven for migratory birds, this island also becomes a bird's paradise. This beautiful island is a once-in-a-lifetime must-see.

"ලංකාවේ කැලෑ අශ්වයන් වෙසෙන එකම දූපත" - ඩෙල්ෆ් දූපත (නැදුන්තිව් දූපත)🐎🐴
ඩෙල්ෆ් දූපත යනු ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට 80km දුරින් ද, තලෙය්මන්නාරම සහ රාමේශ්වරම් වලට 42km බැගින් දුරකින් ද, පෝක් සමුද්ර සන්ධිය මැද පිහිටා තිබෙන ශ්රී ලංකාවට අයත් දූපතකි.
මෙහි වර්ග ප්රමාණය වර්ග කිලෝමීටර 43 ක් පමණ වන අතර දූපතේ වට ප්රමාණය 27km ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම් දූපත හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්ය වාසයක් සහිත ගොඩබිම වේ. ( කච්චතිව් මුලු වසර පුරා මිනිසුන් වාසය කරන්නේ නැත ).
ඩෙල්ෆ් වෙත ලඟා වීම සඳහා නාවික හමුදාවෙන් 'නැදුන්තාරකී' සහ 'වඩතාරකි' යන විශාල බෝට්ටු දෙකක් මගින් වරකට සියයකට වඩා වැඩි පිරිසක් දූපත වෙත ප්රවාහනය කරනු ලබයි. එම බෝට්ටු දෙක ද ඇතුලුව 'කුරිකඩ්ඩුවාන් ජැටියේ' සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු ගමන් වාර පහක් පමණ ක්රියාත්මක වේ.
මෙම දූපතේ සංචාරය කරන ඔබට වෙනස්ම පරිසයක අත්දැකීමක් විඳීමට අවස්ථාව උදාවන අතර නැරඹීමට ඇති විශේෂ ස්ථාන පහත පරිදි දැක්විය හැකිය.
1. බයෝ බැබ් ගස ( Baobab Tree ).
2. ලියලන ගල ( නාග ගල / කෝවිල අසල ගල )
3. ප්රදීපාගාරය ( Queen's Tower ).
4. හිරිගල් තාප්ප නිර්මාණ
5. පරවියන් ඇති කළ ලංදේසි කුළුණ.
6. ලංදේසි කොටුව.
ඩෙල්ෆ්ට් දූපතට පැමිණි ලංදේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. එම නිසා ලංකාවේදී ඩෙල්ෆ් දූපතේදී පමණක් දැකීමට අවස්ථාව උදාවෙන කෑලෑ අශ්වයන් සහ පෝනියන් නැරඹීමේ අවස්ථාව ද මේ දූපතේ සංචාරය කරන ඔබට හිමිවනු ඇත.
මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. අලංකාර මුහුදු වෙරළකින් ද සමන්විත මෙම දූපත හට රූස්සව සෑදුනු තල් ගස් යායවල් එකතු කරන්නේ මනස්කාන්ත දසුනකි. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ නවාතැන්පොළක් වන මෙම දූපත එකලට කුරුළු පාරාදීසයක් බවටද පත් වේ. මෙම සුන්දර දූපත ජීවිතකාලය තුළ එකවරක් හෝ නැරඹිය යුතුම ස්ථානයකි.
Location
District
Video
Views
18
  • No comments yet.
  • Add a review

      You May Also Be Interested In